පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron (2011)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කොණ්ඩඤඤ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක.
ඉක්බිති ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤඤ ස්ථවිරතෙම බොහෝ කලෙකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ පා මුල සිරසින් වැටී මුවින් පා සිඹීමද අතින් පිරිමැදීමද කෙරෙයි. භවත් ගෞතමයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමි. භවත් සුගතයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමියි, නමද ප්‍රකාශ කරයි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ’’ ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤඤ ස්ථවිරතෙම බොහෝ කලෙකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ පා මුල හිසින් වැටී මුවින් පා සිඹීමද අතින් පිරිමැදීමද කෙරෙයි. භාග්‍යවතුන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමි. සුගතයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමි, කියා නමද ප්‍රකාශ කරයි. මම ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤඤ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථායෙන් ප්‍රශංසා කරන්නෙම් නම් ඉතා මැනව’’ ( යි කියායි.)
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට සිව්ර ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ මෙසේ කීය: ’’භාග්‍යවතුන් වහන්ස, මට ( අදහසක් ) වැටහෙයි. සුගතයන් වහන්ස, මට ( අදහසක් ) වැටහෙයි.’’
’’වඞ්ගීසය, තට ඒ වැටහේවා’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම, ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථාවලින් ප්‍රශංසා කළේය.
’’බුද්‍ධානුබුද්‍ධවූ, තියුණු වීර්‍ය්‍ය ඇති, ඒ කොණ්ඩඤ්ඤ ස්ථවිරතෙම සැප විහරණ ඇති, චිත්තවිවේකයන් නිතර ලබන්නේ වෙයි.
’’ශාස්තෘශාසනකාරීවූ ශ්‍රාවකයකු විසින් යම් මාර්‍ග ඵලාවබෝධයක් වෙත පැමිණිය යුතුද, අප්‍රමාදීව හික්මෙන ඒ කොණ්ඩඤ්ඤ තෙරුන් විසින් ඒ සියලු මාර්‍ගඵලාවබෝධයන් වෙත පැමිණෙනලදී.
’’ මහානුභාව ඇති, ත්‍රිවිද්‍යාලාභී, සිත පිළිබඳ සියලු දේ දැනුමෙහි දක්‍ෂවූ, බුදුන් විසින් දුන් ධර්‍ම දායාද ඇති, කොණ්ඩඤ්ඤ ස්ථවිරතෙම ශාස්තෲන් වහන්සේගේ ( සිරි ) පා වඳී.’’
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron (2011)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කොණ්ඩඤඤ සූත්‍රය
විවරණ [1]
English