පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2006)
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2023)
Slovenščina
- Ajahn Hiriko
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
විජය සූත්‍රය
යන්නේ හෝ, ඉදින් සිටින්නේ හෝ හිඳිනේ හෝ හෝනේ වේද, හකුළු වන්නේද, දිගු කෙරේද, මෝතොමෝ රූප කායයාගේ සැලීම් වන්නේය.
කය ඇටින් හා නහරින් යුක්ත බැවින් සමින් හා මස්පිඬින් තැවරීම ඇති බැවින් සිවියෙන් වසනලද බැවින් එහි ඇති තතු නොපෙනේ.
බඩවැලින් පිරින, නොපැසුන අහරින් පිරින, අක්මාවෙන් පිරින, මූත්‍රයෙන් පිරින, හදමසින් පිරින, පපු කැනින් පිරින, වකුගඩුවෙන් පිරින, බඩදිවෙන් පිරින.
“සොටුයෙන් පිරින, කෙළින් පිරින, ඩහදියෙන් පිරින, මේදසින් පිරින, ලෙයින්, සදමිඳුලින්, පිතින්, වුරුණු තෙලින්, පිරින.
“නැවතද මේ ශරීරයාගේ නව මගින් හැම තන්හිම අපවිත්‍ර වැගිරෙන්නේය. දෙඇස් සිඳුරෙන් කබද, දෙකන් සිඳුරෙන් කනින් පිටවන අපිරිසිදු දේද වැගිරෙන්නේය.
දෙනාසා සිදුරෙන් සැරව වැනි කුණුද එක් කලෙක කටින් පිතද එක්කලෙක සෙමද වමනය වන්නේය. කයින් ඩාදියද, හැමකල්හි හැම ඉරියව්වෙහි වෑහෙන්නේය.
“නැවත මේ කායයාගේ සිදුරුවූ හිස හිස් මොළින්, පිරෙනලද, ඒ කය බාල ජනතෙම නොදැනීමෙන් මෙහෙයන ලද්දේ ඉෂ්ට හෙයින් සලකන්නේය.
“නැවතද ඒ කය මළේ, ඉදිමුනේ, නිල්වූයේ අමු සොහොනෙහි දමන ලද්දේ, යම් කලෙක ගොවිද සියලු නෑයෝ නිරාලයව හරිත්.
මළ කය බල්ලෝද, සිවල්හුද, චණ්ඩ මෘගයෝද පණුවෝද, කපුටුවෝද ගිජුලිහිණියෝද, කති. අනිකුත් යම් සත්ව කෙනෙක් ඇද්ද ඒ සත්හු කන්නාහ.
මේ ශාසනයෙහි බුදු වදන් අසා විදර්ශනා නුවණ ඇති ඒ මහණ වනාහි ඒ කය පිරිසිඳ දන්නේය. යම් හෙයකින් තත්වූ පරිද්දෙන් දකීද එහෙයිනි.
මේ සිත් ඇති අශුභය යම්සේ යාම් සිටීම් හිඳීම් හොවීම් කෙරේද, සිත් නැති මේ අශුභය පළමුවෙන් එසේම කරන්නේ විය. මේ මළ ශරීරය යම්සේ යාම් ඊම් ආදිය නොකෙරේද, මේ සිත් ඇති අශුභයත් මතු එසේ නොකරන්නේය. මෙසේ පිළිපන් මහණ පිළිවෙළින් තමා තුළ වූද පිටත්හිවූද කයෙහි ඇල්ම දුරු කරන්නේය.
මේ ශාසනයෙහි රහත්මග නුවණින් යුක්ත ඒ රහත්මගට හික්මෙන මහණ ඡන්ද රාගයෙන් වෙන්වූයේ අමෘතවූ ශාන්ති නම්වූ නිර්වාණ නම්වූ චුති නැති බැවින් අච්චුතයයි යමක් වදාරණ ලදද, ඒ ශාන්ති පදවියට පැමිණියේය.
දෙපයත් ඇති මේ මිනිස් සිරුර අපවිත්‍රවූයේ දුගඳ වූයේ පරිහරණය කරයි. කෙස් ඈ නොයෙක් කුණින් පිරුණෝ ඒ ඒ දොරින් අශූචි වැගිරෙන්නේමය.
මෙබඳුවූ කුණු කයින් යුක්තවූයේ යම් නුවණ නැති පිරිමියෙක් හෝ ගැහැණියක් උසස් බව සිතන්නට සිතාද අන්‍යයන්ට හෝ අවමන් කරන්ට සිතාද අඥානකම විනා මෙහි අන් කවර කාරණයක් ඇද්ද.”
විජයසුත්තං එකාදසමං නිට්ඨිතං.
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2006)
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2023)
Slovenščina
- Ajahn Hiriko
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
විජය සූත්‍රය
විවරණ [0]