පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2005)
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පබ්බජ්ජා සූත්‍රය
“ඇස ඇති බුදුරජාණන් වහන්සේ යම්සේ පැවිදිවූසේක්ද උන්වහන්සේ යම්සේ කල්පනා කරමින් පැවිද්ද කැමතිවූසේක්ද ඒ පැවිද්ද කියන්නෙමි.
“මේ ගිහිගෙයි වාසය කරදරය, කෙලෙසුන් උපදින තැන යයි ද පැවිද්ද අවකාශය මෙන් විවෘත යයි ද මෙසේ දැක පැවිදිවිය.
“පැවිදිව කයින් පව්කම් දුරුකළේය. වචනයේ වරද අත්හැර ජීවිකාව පිරිසිදු කළේය.
“ගැවසී සිටි උතුම් ලකුණු ඇති බුදුරජතෙම මගධයන්ගේ පිරිව්‍රජ නම් රජගහනුවර පිඬු පිණිස හැසුරුණේය.
“ප්‍රාසාදයෙහි සිටි බිම්බිසාර රජතෙම ලකුනින් යුත් බුදුන් දැක මේ කාරණය කිවේය.
“භවත්නි, මනා රූ ඇති උස මහත ඇති පිරිසිදු ගමනින් සුන්දර මුන්වහන්සේ බලව්. වියදඬු පමණක් බලයි.
“යටට හෙලු ඇස් ඇති සිහි ඇති මේ තෙමේ නීචකුලයෙන් පැවිදි වූවෙකු මෙන් නොවේ. මහණතෙම කොහියන්නෙහිදැයි” රාජදූතයෝ දුව බලත්වා
යවන ලද ඒ රාජදූතයෝ “මහණතෙම කොහි යන්නේද, කොහි වසන්නේදැයි” පිටුපසින් දිව්වාහුය.
වසනලද ඉඳුරන්ගේ දොරටු ඇතිව සංවරව ගෙපිළිවෙළින් හැසිරෙමින් යහපත් නුවණැත්තේ සිහි ඇත්තේ වහා පාත්‍රය පිරුණේය.
ඒ මුනිතෙම පිඬු සිඟීමෙහි හැසිර නුවරින් නික්ම මෙහි වාසය වන්නේයයි” පාණ්ඩව පර්වතයට නැංගේය.
ඉක්බිති නැවතීමට පැමිණියාහු දැක ඉන් පසු දූතයෝ ළංවූහ. එක් දූතයෙක් පැමිණ රජහුට දැන්වූයේය.
“මහරජ, මේ භික්ෂුතෙමේ පර්වත ගුහාවෙහි ව්‍යාඝ්‍රයකු මෙන්ද වෘෂභයකු මෙන්ද සිංහයෙකු මෙන්ද පාණ්ඩව පර්වතය ඉදිරියෙහි පර්වත ගුහාවෙහි හුන්නේය.”
දූතයන්ගේ වචනය අසා රජතෙම යහපත් යානාවකින් පාණ්ඩව පර්වතය යම් තැනෙක්හිද එහි ඉක්මනින් ගියේය.
ඒ ක්ෂත්‍රියය තෙමේ යානාවෙන් යා යුතුතාක් ඉන් ගොස් යානාවෙන් බැස පාබල සෙනඟ සමග පයින්ම පැමිණ සමීපයට ගොස් හිඳගත්තේය.
“රජතෙම හිඳ සතුටු විය. ඉක්බිති සිහිකටයුතු කථාවද විය. හෙතෙම කථාව අවසන්කොට මේ කාරණය කීයේය.
“ඔබ තරුණයෙකි. බාල මුල් වයසෙහි සිටියේය. උත්පත්තිය ක්ෂත්‍රියයෙකු වැනිය. වර්ණයෙන් හා උස මහතින් යුක්තය.
“මම වස්තු දෙමි. අංග රක්ෂක භට සමූහයා හොබවමින් හස්ති සමූහයට පෙරටුව යමින් ඒ භොග අනුභව කරනු මැනවි. විචාරණ ලද්දාවූ මට ජාතිය කියව.
“කොසොල් රට පුරාණ සිට පැවත එන ධනයෙන් හා වීර්යයෙන් යුත් හිමාල පර්වත පාර්ශ්වයෙහි ඍජු ජනපද ඇති කොසොල් දනව්වෙහි පුරාණ පාලකවූ රජතෙමේ (මාගේ පියාය.)”
“රජ්ජුරුවෙනි, ගොත්‍රයෙන් සූර්යය, ජාතියෙන් ශාක්‍යය, ඒ කුලයෙන් පැවිදිවූයෙමි. කාම වස්තු නොපතන්නෙමි.
“කාම වස්තූන්හි දොෂය දැක නිර්භය වශයෙන් නිවන් දක්නට වෑයම්කිරීම පිණිස යන්නෙමි. මගේ සිත මෙහි ඇලේයයි” කීයේය.
පබ්බජ්ජාසුත්තං පඨමං නිට්ඨිතං.
පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2005)
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පබ්බජ්ජා සූත්‍රය
විවරණ [1]
English