පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko (2024)
- баян купи-ка
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Svenska
- Kerstin Jönhagen
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
භද්දිය ථෙර ගාථා
“මම මීට පළමුව ඇත්කඳ පිට සිට ගමන් කෙළෙමි. සියුම් කසී වස්ත්‍ර හැන්දෙමි. පවිත්‍රවූ මාංශයෙන් සෙවුනා ලද හැල් සාලින් පිසූ බත් අනුභව කෙළෙමි.
“කාලිගොධා නම්වූ ස්ත්‍රියගේ පුත්‍රවූ භද්දිය වන මම අද සිල්ගුණයෙන් යුක්තවූයේ, ශ්‍රමණ ධර්මයෙහි නිතර යෙදුනේ පිණ්ඩියාලොප භෝජනයෙන් යුක්තවූයේ ධ්‍යාන කරමින් සතුටින් වෙසෙමි.
“කාලිගොධා බැමිණියගේ පුත්‍රවූ භද්දිය ස්ථවිරයන් පාංශුකූලිකාංගය සමාදන් වීමෙන් හා පිණ්ඩපාතිකාංගය සමාදන් වීමෙන් කිසිවක් තෘෂ්ණාදෘෂ්ටියෙන් නොගෙණ ධ්‍යාන කරමින් වාසය කරයි.
එසේම පිණ්ඩපාතිකාංගය සමාදන් වීමෙන්ද, තෙචීවරිකාංගය සමාදන්වීමෙන්ද, සපදානචාරිකාවෙන්ද, යුක්තව එකාසනිකාංගයෙන් යුක්තව සතුටින් වාසය කරමි.
එසේම පත්තපිණ්ඩිකාංගයෙන් යුක්තවද, ඛලුපච්ඡා භක්තිකාංගයෙන් යුක්තවද, ආරණ්‍යකාංගයෙන් යුක්තවද වෘක්ෂමූලිකාංගයෙන් යුක්තවද, සතුටින් වෙසෙමි.
අබ්භොකාසිකාංගයෙන් යුක්තවද, සොසානිකාංගයෙන් යුක්තවද, යථාසන්තිතිකාංගයෙන් යුත්වද, නේසජ්ජිකාංගයෙන් යුක්තවද, සතුටින් වාසය කරමි.
කාලිගොධා බැමිණියගේ පුත්‍රවූ භද්දිය ස්ථවිරයන් වහන්සේ පටන්ගන්නා ලද වීර්යය ඇත්තෙක්ව සතුටින් වෙසෙයි.
ස්වර්ණමයවූ රැස් විහිදෙන්නාවූ රන්තලිය හැර මැටි පාත්‍රය ගත්තෙමි. මේ දෙවන සේවනය වෙයි.
ප්‍රාකාරවලින් වටකරනලද ස්ථිරවූ දොර අගුළුවලින් යුක්ත මතුමහල් තලයෙහි කඩුගත් අත් ඇති පුරුෂයන් විසින් රකිනාලදුව ත්‍රාශ සහිතව මම පළමුව විසුවෙමි.
“කාලිගොධා බැමිණියගේ පුත්‍රවූ භද්දිය වන මම අද ත්‍රාශයන් නැතිව භය හා භයට හේතු දේ දුරුකොට වනයෙහි ධ්‍යාන කරමින් සතුටින් වෙසෙමි.
සීලස්ඛන්ධයෙහි පිහිටා ඵල සමාපත්ති නිරොධ සමාපත්ති වඩමින් පිළිවෙලින් සියලු සංයෝජන ධර්මයන් ක්ෂයකොට නිවන් සැපයට පැමිණියෙමි.”
... භද්දියො කාළිගොධාය පුත්තො ථෙරො....
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko (2024)
- баян купи-ка
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Svenska
- Kerstin Jönhagen
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
භද්දිය ථෙර ගාථා
විවරණ [0]