බරවීම්

පරිවර්තන [11]

බක්කුල ථෙර ගාථා

“ජරාවට පත්වීමට පෙර යමක් කළයුතුද එය ඔහු පසුව කරන්නට කැමතිවේද, හෙතෙම සැපයෙන් පහවේ. පසුවද තැවෙයි.

“යමක් කරන්නේද එය කියන්නේය. යමක් නොකරන්නේද එය නොකියන්නේය. පණ්ඩිතයෝ කියන්නාවූ දෙය නොකරන්නාහු විශෙෂයෙන් දැනගනිත්.

“යම්තැනක දුක නැතිවේද, බුදුන් විසින් වදාරණ ලද ශොක නැති, කෙලෙස් නැති, නිර්භය නිවන අතිශයින් සැපය.”

ආයුෂ්මත් බක්කුල තෙර මෙසේ මේ ගාථා කීයේය.

විවරණ [0]