පරිවර්තන [17]
English
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (2005)
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
- Kiribathgoda Gnanananda
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කිසාගොතමී ථෙරී ගාථා
“කල්‍යාණ මිත්‍ර භාවය සර්වඥයන් වහන්සේ විසින් ලෝකයා උදෙසා වර්ණනා කරණ ලදී. කළණ මිතුරන් සෙවුනේ මෝඩ වුවද පණ්ඩිතවන්නේය.
“බුද්ධාදී සත්පුරුෂයන් සේවනය කටයුතුයි. එසේ සේවනය කරන්නවුන්ගේ ප්‍රඥාව වැඩෙයි. සත්පුරුෂයන් සේවනය කරණ තැනැත්තේ සියළුම දුකින් මිදෙයි.
“දුකද, දුක ඇතිවීමද, නිවීමද, මාර්ගයද යන උතුම් ඇත්ත සතර දැනගනියි.
“සතුන් හික්මවන භාග්‍යවතුන් වහන්සේ විසින් ස්ත්‍රි බව දුකකැයි වදාරණ ලදී. අඹුවන් කීපදෙනෙකු අතර එක් අඹුවක වීමද දුකෙක. වරක් වැදූ ස්ත්‍රීහු
“ගෙලද සිඳ ගනිති. සියුමැලි ශරීර ඇති ඔහු වස කති. ඉපදීම මරණය අතර වූවාහු දෙදෙනාම මහත් පීඩා විඳිති.
“වැදීමට යමින් සිය ගෙදරට නොපැමිණ, මගදී වදා හිමියන් මළ තැනැත්තිය දුටිමි.
“කාලකන්නියගේ පුත්‍රයන් දෙදෙනාද කළුරිය කළහ. සැමියාද මග මළේය. එක් දරසෑයක මවුපියන්ද සොහොයුරුද දැවෙත්.
“දුප්පත් පහත් කුලයන්හි ඉපිද නුඹ විසින් විඳිනා ලද දුක අප්‍රමාණයි. නොයෙක් දහස් ගණන් ජාතීන්හි තිට කඳුළුද පැවතිණි.
“සොහොන් මැද විසීමි. එසේම සිය පුත්‍ර මාංශයද කන ලදී. සියල්ලන් විසින් නින්දා කළ කුලවංශ නැසුණු වැන්දඹුවූ ඕතොම නිවණට පැමිණියාය.
“මා විසින් නිවන් යන ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන ලදී. මම දහම් කැඩපත පැතීමි. නිවන ඇසින් දක්නා ලදී.
“ඉගුළුෑ හුල් ඇති බහා තුබූ බර ඇති කළ යුත්ත කළ රහත්වූ කිසාගොතමී ථෙරීවූ මම මෙය කීවේ වෙමි.”
... කිසා ගොතමී ථෙරී....
එකාදසනිපාතො නිට්ඨිතො.
පරිවර්තන [17]
English
- Ayya Soma (2021)
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (2005)
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2000)
Türkçe
- Dōgen Sisapa (2025)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Arya Karniawan (2019)
- Indra Anggara (2020)
සිංහල
- A.P. de Zoysa
- Kiribathgoda Gnanananda
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කිසාගොතමී ථෙරී ගාථා
විවරණ [2]
English
Русский