බරවීම්

The Minor Discourses

Thig3.1 අඤ්ඤරා (අප්‍රකට) සාමා ථෙරී ගාථා

පරිවර්තන [15]

අඤ්ඤරා (අප්‍රකට) සාමා ථෙරී ගාථා

“පැවිදිවී විසිපස් වසක් වනතෙක් මා සිතට සන්සිඳීමක් ලැබුණු බවෙක් නම් කිසි කලෙක නොදනිමි.

එසේ සිත සැනසීමක් නොලැබ සිත වසඟ නොවූවා බුදුබණ සිහිකර ඉන් කලකිරීමට පැමිණියෙමි.

බොහෝ දුකින් මිරිකෙමින් වීර්යයෙහි ඇළුණු මට නිවන් ලැබිණ. බුද්ධාවවාදය කෙළෙමි. තණ්හාව වියලා අදට සත්දවසක් විය.

සිත සැනසීම නොලැබ සිත එකඟ නොවූවා නව වරක් වෙහෙරෙන් පිටවීමි.”

විවරණ [0]