පරිවර්තන [19]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Isidatta (2009)
Português
- Michael Beisert
Русский
- SV theravada.ru (2025)
- Алокананда бхиккху
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
මුචලින්ද සූත්‍රය
මෙය මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ-සම්‍යක් සම්බුද්ධවූයේ ප්‍රථම කොට උරුවේලාවෙහි නෙරඤ්ජරා ගංතෙර මිදෙල්ල ගසක් මුල වැඩ වසන සේක.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සත් දිනක් නිවන් සුව විඳිමින් එක පළඟින් වැඩ සිටියේ වෙයි. එකල්හි වනාහි ශීත වාත අඳුර ඇති සත් දවසක් වසින මහා අකාල වැස්සක් ඇතිවිය. ඉක්බිති මුචලින්ද නම් නා රජතෙම ස්වකීය භවනයෙන් නික්ම භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය සත් වරක් දරණින් වටකොට භාග්‍යවතුන් වහන්සේට සීතලක් නොවේවා. උෂ්ණයක් නොවේවා. භාග්‍යවතුන් වහන්සේට ඩැහැලේ බොන මැස්සන්ගේද මදුරුවන්ගේද වාතය හා අව්වද, දීර්ඝ ජාතීන්ගේද, ස්පර්ශය නොවේවා’යි මත්තෙහි මුදුනෙහි මහත්වූ පෙණයක්ද ඇති කොට සිටියේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දවස ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිටිසේක. ඉක්බිති මුචලින්ද නාග රජතෙම වැහිකළු පහව ගොස් වැස්ස නැවති ඇති බව දැන භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් දරණ ලිහා ස්වකීය වේසය වෙනස් කොට තරුණ වෙසක් මවා හිස නමා භාග්‍යවතුන් වහන්සේට වඳිමින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිටියේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වෙලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක.
“චතුර් මාර්ග ඥාන සන්තොෂයෙන් සතුටුවූ තමාට ප්‍රකට වූ ලොවුතුරා දහම් ඇති නුවණැසින් උපධි විවේකය (නිවණ)
බලන පුද්ගලයාට ඒ උපධි විවේකය සැපවේ. ලොව කිසිවකු කෙරෙහිත් නොකිපෙන බවද, සත්වාවිහිංසාවද සැපයි. කාමාශාවෙන් වෙන්වීමවූ විරාගී බව (අනාගාමී බව) ද ලොව සැපෙකි. මම ශ්රෙෂ්ඨවෙමියි යන ආදී වශයෙහිවූ අස්මි මානයාගේ විනාශය (රහත් බව (උසස්ම සැපයවේ.”)
පරිවර්තන [19]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Isidatta (2009)
Português
- Michael Beisert
Русский
- SV theravada.ru (2025)
- Алокананда бхиккху
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
මුචලින්ද සූත්‍රය
විවරණ [0]